අපගේ ව්‍යවසායික පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන සකසා ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සේවා හෙවත් SLT Managed Services සමගින් ඒකාබද්ධ කරන ලද දත්ත, හඬ හා වීඩියෝ පහසුකම් රැසක් ලබා දෙයි. මෙම සේවාව සමගින් ඔබේ සමස්ථ සන්නිවේදන ව්‍යුහයම මෙහෙයවීම අප වෙත පවරා, අප ඔබේ යටිතලපහසුකම් ව්‍යුහය කළමනාකරණය කරන අතරතුරේ ව්‍යාපාරයට අදාළ මූලික අංශ වෙත නිදහසේ අවධානය යොමු කිරීමට අවස්ථාවක් ඔබට ලැබේ.
දුරකතනය හරහා සම්මන්ත්රණ පැවැත්වීමට අවස්ථාවක් "QuickMeet" ශ්‍රව්‍ය සම්මන්ත්රණ පහසුකම ඔබ වෙත ලබා දේ. මෙහිදී භාවිත කෙරෙන දුරකතනය ඕනෑම දුරකතන ජාලයකට අයත් එකක් වීම ගැටළුවක් නොවේ. එසේම, සහභාගී වන අය සිටින ස්ථානය කුමක් වුවද මෙම සේවාව සාර්ථකව ලබා ගත හැක. කෙසේවෙතත්, මෙම සේවාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින් QuickMeet conferencing Voice Bridge වෙත සම්බන්ධ වීම අවශ්‍යය.
පැකේජ විස්තර
*1500 + (n-20)*50 සහභාගී වන්නන් සංඛ්‍යාව n යනුවෙන් දැක්වේ.
අගය එකතු කළ සේවා
Teleconference ඇමතුම් තැටිගත කිරීමේ සේවාව (පාරිභෝගික කැමැත්ත මත)
තැටිගත කරන ලද QuickMeet සම්මන්ත්රණ ඇමතුම් නැවත ලබා ගත හැකි ලිපිනය :www.qma.sltidc.lk
පැකේජ අතර මාරු වීමේ ගාස්තු
Now | After | Plus Five | Plus Ten | Plus Twenty | Twenty Plus |
---|---|---|---|---|---|
Plus Five | NA | 500 | 500 | 500 | |
Plus Ten | 500 | NA | 500 | 500 | |
Plus Twenty | 500 | 500 | NA | 500 | |
Twenty Plus | 500 | 500 | 500 | NA |
QuickMeet service guide
Quickmeet application form